ධම්මික පැණිය ප්‍රවර්ධනය කළ සියළු දෙනාට නීතිමය පියවර ගන්නා ලෙස SJB ඉල්ලයි

ධම්මික පැණිය හදුන්වාදුන් සියළු දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරනවා.

අදාළ ඖෂධය මගින් කොවිඩ් වෛරසය මැඩලිමේ කිසිදු හැකියාවක් නැතැයි මේ වන විට සනාථ වි ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

එබැවින් ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර අදාල පැණිය හදුන්වා දුන් පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසයි හෙක්ටර් අප්පුහාමි මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේ.

රටේ පවතින කොරෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් නිකුත් කෙරෙන සංඛ්‍යා ලේඛණ නිවැරදි නැතැයිද හෙක්ටර් අප්පුහාමි මහතා චෝදනා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *