පෙනහලු රැකගන්න කන්නම ඕනේ කෑම බීම වර්ග 6 මෙන්න

පෙනහලු කියන්නේ සිරුරේ තියෙන අවයව අතරින් වැදගත්ම අවයවයක්. සිගරට්, විෂ දුම් සහ ඔබේ වැරදි පුරුදු නිසා ගොඩක් වෙලාවට පෙනහළු ආසාදන ඇති වෙනවා. විශේෂයෙන්ම මේ දිනවල පැතිරෙන කොවිඩ් වෛරසය ද පෙනහළු වලට සෘජුව දැඩි බලපෑම් එල්ල කරනවා. ඉතින් මේ කියන්න යන්නේ, පෙනහලු වල නිරෝගී බව රැකගන්න උදව් වන ආහාර වර්ග ගැනයි.

  • බීට්

බීට් අල වගේම බීට් කොළ මැග්නීසියම්, පොටෑසියම්, විටමින් සී, කැරොටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරක සහ නයිට්රේට් වලින් පොහොසත්. මෙහි අඩංගු නයිට්රේට් වලින් පෙනහලු ක්‍රියාකාරිත්වයට බෙහෙවින් උදව් වන අතර නයිට්රේට් මඟින් රුධිර නාල ලිහිල් කිරීම, රුධිර පීඩනය අඩු කිරීම සහ ඔක්සිජන් ලබා ගැනීමට උපකාරී වෙනවා.

  • වට්ටක්කා

මේවා බීටා කැරොටින්, ලුටීන් සහ සීඇක්සැන්ටින් ඇතුළු කැරොටිනොයිඩ් වලින් පොහොසත් වන අතර වට්ටක්කා මදය පෙනහලු නිරෝගී බව වැඩි දියුණු කරන්න උදව් වෙනවා.

  • කහ
    කහ වල ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය වන කර්කුමින් පෙනහලු ක්‍රියාකාරිත්වයට සහය දක්වනවා
  • තක්කාලි

තක්කාලි කැරොටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරකයක් වන ලයිකොපීන් පොහොසත්. ඒ නිසාම ඇදුම රෝගයෙන් පෙළෙන අයට, වාතයේ දැවිල්ල අඩු කිරීමට සහ COPD ඇති පුද්ගලයින්ගේ පෙනහලු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට තක්කාලි වලට හැකියාව ලැබෙනවා.

  • පරිප්පු

පරිප්පු වල මැග්නීසියම්, යකඩ, තඹ සහ පොටෑසියම් අඩංගු වෙනවා. මේවා පෙනහලු ක්‍රියාකාරිත්වයට උදව් වන අතර පරිප්පු ආහාරයට ගැනීමෙන් පෙනහලු පිළිකා සහ COPD වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

  • කෝපි

කෝපි කැෆේන් හා ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් අතර එය පෙනහලු සෞඛ්‍යයටහිතකර වන අතර පර්යේෂණයන් පෙන්වා දෙන්නේ, කෝපි පානය පෙනහලු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ ශ්වසන රෝග වලින් ආරක්ෂා වීමට උපකාරී වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *