එන්නත්කරණය සම්බන්දයෙන් ජනපතිතුමා දුන් උපදෙස්

චීන රජයේ ප්‍රදානයක් ලෙස ලද “සයිනොෆාම්” දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 05 අද (26) සිට එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී තිබේ . සෞඛ්‍ය අංශවල නිර්දේශයන්හි ප්‍රමුඛතාව අනුව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් අතර එන්නත් බෙදා හැරීමට සැලසුම් කර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන රජය සමඟ කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම දෙවන එන්නත් මාත්‍රා තොගය ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදීම සිදු විය. එමෙන්ම රජය ඇණවුම් කර ඇති තවත් එන්නත් මාත්‍රා මිලියන 02ක් මසක් ඇතුළත ලබාදීමටත්, අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමටත් සැලසුම්කර ඇතැයි චීන තානාපතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *