වයස අවුරුදු 12-15ත් අතර ළමුන්ටත් කොවිඩ් මර්දන එන්නතක් අනුමත වෙයි

අමරිකාවේ නිෂ්පාදිත Pfizer BioNTech කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 12-15ත් අතර ළමුන් සඳහා ලබාදීමට ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය (FDA ) අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වයස අවුරුදු 12-15 අතර ළමුන් 2,260 ක් සම්බන්ධ කරගෙන ෆයිසර් සහ බයෝ එන්ටෙක් විසින් කරන ලද සායනික පරීක්ෂණයකින් පසුව මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය සතියේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජූලි 4 වන විට ජාතියේ ජනගහනයෙන් 70% කට අවම වශයෙන් එක් එන්නතක් ලබා දීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

Colombo Times

Leave a Reply

Your email address will not be published. Required fields are marked *