කුසල් මෙන්ඩිස්ට අපහාස කළ පුවත්පතකට අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව අපහාසාත්මක ලිපි පළ කිරීම වළක්වාලමින් මෙරට පුවත්පත් සමාගමකට එරෙහිව කොළඹ දිසා අධිකරණය මඟින් මැයි 5 දින වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

තමන්ට සිදු වූ අපහාස කිරීමක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 600ක වන්දියක් ඉල්ලා කුසල් මෙන්ඩිස් විසින් ගොණු කළ පෙත්සමක් සළකා බැලීමේ දී මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති අතර තමන්ට එරෙහි අපහාසාත්මක ප්‍රකාශන වැළැක්වීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

විත්තිකාර පුවත්පත් සමාගම විසින් කුසල් මෙන්ඩිස්ට එරෙහිව 2021 මාර්තු 26 සහ 2021 අප්‍රේල් 16 යන දිනවල මෙලෙස අපහාසාත්මක ලිපි පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අදාළ නඩුව ලබන 19 වනදා යළි කැදවීමට නියමිතයි. (Colombo Times)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *