PUBG Lite නැවැත්වීමට තීරණයක්

PUBG එහෙමත් නැත්නම් Player Unknown’s Battlegrounds Game එක ලෝකය පුරාම ඉතා ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක්. ඒ වගේම ලංකාවෙත් ගොඩක් කෙල්ලෝ ඇබ්බැහි වෙලා ඉන්න Game එකක්. කොවිඩ් නිසා ගෙවල් වලට කොටුවෙලා හිටපු කාලෙන් PUBG වලට ලොකු ඉල්ලුමක් තිබුණා.

PUBG play කරන ගොඩක් දෙනෙක් play කරන්නේ PUBG Mobileversion එකකින්. ඉතින් මේ PUBG game එකේ lite version එක පසුගිය 2019 වසරේදී හඳුන්වාදෙනු ලැබුවා. එහි විශේෂත්වය වන්නේ මෙම PUBG lite version එක PC වල නොමිලයේ Play කළ හැකි වීමයි.

2020 වසරේදී අග, එනම් නොවැම්බර් මාසයේදී PUBG Lite තුළ භාවිතා වුණු in-game currency system එක (L-COIN) නවත්වා දැමුවා. ඉන්පසුව මෙම game එක සම්පූර්ණයෙන්ම free-to-play category එකට අයත් වුණා.

කෙසේ වෙතත් මේ PUBG Lite සංස්කරණය නවත්වාදැමීමට Krafton ආයතනය තීරණය කරලා තියෙනවා.ඒ අනුව පසුගිය මාර්තු 30 වැනි දින සිට මෙම Game එක අලුතින් Download කිරීමේ හැකියාවක් නැහැ. (Colombo Times)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *